Prathamadara
Prathamadara
prathamadara seema kenekma dena gatha yuthuya.prathamadara pilibada dena genimata
prathamadara potha laba gatha heka.
A GUIDE TO SURVIVE - ප්‍රථමාධාර -FIRST AID
වෛද්‍ය චාමර දිල්ශාන් අතුකෝරළ (MBBS, MSc )
"සියලුම හදිසි අනතුරු සහ හදිසි රෝගී අවස්ථා සඳහා රෝහල් ගත වනතුරු ඔබ කළයුතු සියලු දේ, රූප සටහන් සහිතව පියවරෙන් පියවර පැහැදිලිව විස්තර කර ඇති ,ඕනෑම කෙනෙකුට පරිශීලනය කළ හැකි ප්‍රථමාධාර පිළිබද විස්තර කර ඇති ග්රන්ථයකි. "
වෛද්‍ය චාමර දිල්ශාන් අතුකෝරළ මහතා (MBBS,MSc) විසින් රචිත “A Guide to survive – ප්‍රථමාධාර ” ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ සෑම නිවසකම අනිවාර්යෙන්ම තිබිය යුතු පොතකි.
බොහෝ ශ්‍රී ලාංකිකයන් හදිසි අවස්ථා සහ අනතුරු සම්බන්ධයෙන් නිවැරදිව කටයුතු කරන්නේ කෙසේදැයි නොදනී. එය මිනිත්තු කිහිපයක් ඇතුළත ඔවුන්ගේ ආදරණී යෙකු අහිමි වීමට හේතු විය හැක. . ප්‍රථමාධාරයේ ආරම්භක පියවර බොහෝවිට තත්පර කිහිපයක් හෝ මිනිත්තු කිහිපයක් ඇතුළත ආරම්භ කළ යුතුය. ඇතැම් අවස්ථා වලදී රෝහලකට යෑමට හෝ වෙනත් අයෙකුගෙන් විමසීමට පවා කාලයක් නොමැත. එබැවින් ඔබේ හෝ වෙනත් අයෙකුගේ ජීවිතය බේරා ගැනීමට කල යුතු දේ කලින් සිටම දැනගෙන සිටිම අත්‍යවශ්‍ය වේ.
එසේම ඒ සදහා සුදුසුකම් ලත් අයෙකු විසින් ලියන ලද පොතක් තෝරා ගත යුතුය. වෛද්‍ය චාමර දිල්ශාන් අතුකෝරළ මහතා ප්‍රථමාධාර හා මූලික ප්‍රතිකාර පිළිබඳ හසල දැනුමක් ඇති අත්දැකීම් පිරි වෛද්‍යවරයකු වන අතර ඔහු විසින් රචිත පොත ඒ සදහා ඉතා අගනේය.
ඕනෑම වෛද්‍ය හදිසි අවස්ථාවක් හඳුනාගෙන ඒවාට ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය දැනුම හා නිවැරදි උපදෙස් “A Guide to survive – ප්‍රථමාධාර ” පොත මඟින් සපයයි.
“A Guide to survive – ප්‍රථමාධාර ” පොතේ සෑම පරිච්චේදයකදීම ප්‍රථමයෙන් මිනිස් සිරුරේ ව්‍යුහය (ව්‍යුහ විද්‍යාව) සහ ශරීරය ක්‍රියා කරන ආකාරය (කායික විද්‍යාව) පිළිබඳ මූලික හා ඉක්මන් දැනුමක් ලබා දේ,ඉන්පසු බැලිය යුතු රෝග ලක්ෂණ සහ ඒ සෑම තත්වයක් සමඟම කටයුතු කිරීමට පියවරෙන් පියවර ප්‍රථමාධාර උපදෙස් ඇතුලත් වේ.එසේම ඒ සියල්ලම සරල භාෂාවෙන් සැබෑ පින්තූර සහ රූප සටහන් මගින් විස්තර කෙරේ.
මෙම කෘතිය මගින් ඔබට මුහුණ දීමට සිදුවිය හැකි ඕනෑම අවස්ථාවක ඔබට අවශ්‍ය නිවැරදි තොරතුරු ඉක්මනින් සොයා ගැනීමේ පහසුව සලසයි. අතේ ගෙන යා හැකි ප්‍රමාණයෙන්, කල් පවත්නා ඝනකම් කවරයක් සහිත “A Guide to survive – ප්‍රථමාධාර ” කෘතිය යනු නිවසේ ප්‍රථමාධාර කට්ටල යේ, මෝටර් රථ ප්‍රථමාධාර කට්ටලයේ තිබිය යුත්තකි.
පොත් කියවන, දැනුම සොයා යන පුද්ගලයන්, පාසැල් දරුවන්, ගුරුවරුන්, ආයතන ප්‍රදානීන්,විශ්ව විද්‍යාල සිසුන්,ජීව විද්‍යාව හදාරන්නන් අනිවාර්යෙන්ම කියවිය යුතු පොතක් ලෙස “A Guide to survive – ප්‍රථමාධාර ” කෘතිය හැදින්විය හැක.
මිලදී ගැනීමට
www.mcare.lk වෙත පිව්සෙන්න
හෝ
ඔබගේ නම, ලිපිනය, දුරකථන අංකය
070 522 66 73 වෙත
Viber, WhatsApp,Imo මගින් යොමු කරන්න.
මෑතකදී කියවපු වටිනාම පොතක්.නොදන්න කරුණු ගොඩක් ඉගෙන ගත්තා.එම කරුණු ජීවිතේ කවද හරි දවසක වැදගත් වෙන්න පුලුවන්.කාටත් කියවන්න සුදුසු පොතක්. A good book.
ReplyDelete